අහස් පහන් කූඩුවල භයානක පැත්තක් ගැන පොලිසියෙන් දැනුම්දීමක්

දිවයිනේ විවිධ ප්රදේශයන්හි විශේෂ උත්සව අවස්ථාවන් වලදී අහස් පහන් කූඩු ගුවන් ගත කිරීමේදී ඇති විය හැකි අන්තරාදායක තත්ත්වයන් පිළිබඳ අවධානය යොමු කරන ලෙස ශ්රී ලංකා පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
මෙම පහන් කූඩු පොළොවට පතිත වී ගිණි ගෙන විනාශ වීමේ අවධානමක් ඇති විය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.
මෙවන් තත්ත්වයක් මත ගිනි කෙළි කර්මාන්තශාලා, ඉන්ධන පිරවුම්හල් , ඉන්ධන ගබඩා කර ඇති ස්ථාන නිවාස , ගොඩනැගිලි ආදිය මතට අහස පහන් කූඩු ගිනිගෙන පතිත වුවහොත් ජීවිත හානි සිදු විය හැකි බවයි පොලිසිය සඳහන් කරන්නේ.
එබැවින් මේ පිළිබඳවද විශේෂ අවධානයක් යොමු කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබනවා.
මේ සම්බන්ධයෙන් ශ්රී ලංකා පොලිසිය නිකුත් කළ නිවේදනය පහතින්,
