ශ්‍රී ලංකා – පාකිස්තාන – ඇෆ්ගනිස්තාන තුන්කොන් සටනක් නොවැම්බරයේදී

ශ්‍රී ලංකා – පාකිස්තාන – ඇෆ්ගනිස්තාන තුන්කොන් සටනක් නොවැම්බරයේදී

ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය එක්වන තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියක් නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය ආරම්භ කිරීමට සැළසුම් කර ඇත්තේ නොවැම්බර් 17 වැනිදායි.

කෙසේ වෙතත් මෙම තරගාවලිය හේතුවෙන් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට සැලසුම් කර තිබූ විස්සයි20 තරගාවලිය අවලංගු වන බවද සඳහන්.

මෙම තරගාවලිය යටතේ ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන තරගය නොවැම්බර් 19 වැනිදාත්, පාකිස්තාන – ශ්‍රී ලංකා තරගය නොවැම්බර් 22 වැනිදාත් පැවැත්වීමට නියමිත අතර යළිත් 22 වැනිදා ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය තරග බිමට පිවිසීමට නියමිතයි.

මෙහි පළමු තරග 2 පකිස්තනයේ රාවල්පිණ්ඩිහිදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර සෙසු තරග ලාහෝරයේදියි පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ.