තැපැල් සේවාව කාර්යක්ෂම සේවාවක් බවට පත් කිරීමට සියලු පහසුකම් ලබා දෙනවා

තැපැල් සේවාව ජනතාවට සමීප, පහසු මෙන්ම කාර්යක්ෂම සේවාවක් බවට පත් කිරීම සඳහා සියලු පහසුකම් ලබා දෙන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
ගලේවෙල නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
තැපැල් දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමට රුපියල් මිලියන 15 කට ආසන්න මුදලක් වැය කෙරෙනවා.
මෙවර අයවැයෙන් තැපැල් කාර්යාල ඉදිකිරීමට හා තැපැල් කාර්යාල නවීකරණයට රුපියල් මිලියන 1100 කට ආසන්න මුදලක් වෙන් කර ඇති බවයි අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ.