ශ්‍රී ලංකා ප්‍රාසාංගික කලාව වැටිලා තියෙන්නේ, ඒක ගොඩගන්න පුළුවන් කියලා හිතන් නෑ

සංගීත ප්‍රසංගවල ආරක්ෂාව සඳහා අයකරන ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවයට පත්වී ඇති බව ශ්‍රී ලංකා ප්‍රාසාංගික කලාකරුවන්ගේ සංගමය පවසයි.
එහි සභාපති චන්දන ප්‍රසාද් ජයලත් පෙන්වා දෙන්නේ, මේ සම්බන්ධයෙන් බලධාරීන් සමඟ අවස්ථා කිහිපයකදී සාකච්ඡා කළද මෙතෙක් ඒ සඳහා විසදුම් ලැබී නොමැති බවය.
එහිදී වැඩිදුර අදහස් දැක්වූ චන්දන ප්‍රසාද් ජයලත් මහතා,
“අද වෙනකොට ශ්‍රී ලංකා ප්‍රාසාංගික කලාව වැටිලා තියෙන්නේ. මේක ගොඩගන්න මම හිතන්නෑ කිසිම රජයකින් අවස්ථානුකූලව කාටවත් මේකෙ යැපෙන අයට අවස්ථාව දෙනවා කියලා. ඇත්තටම අපිට තියෙන පළවෙනිම ප්‍රශ්නෙ තමයි පොලිස් නිලධාරීන්ට ගෙවන මුදල. ඇත්තටම ඉස්සර තිබ්බෙ 950ක්. අද වෙනකොට එක PC කෙනෙකුට 4,950ක්, SI කෙනෙකුට 5500ක්, ඒ නිල වැඩිවෙන වැඩිවෙන ගාණට අරන් තියෙනවා.
අද සංගීත සංදර්ශනයක් කරගෙන යන අවස්ථාවකට සාමාන්‍යයෙන් 150,000කට වැඩි මුදලක් අපි පොලීසියට ගෙවන්න ඕනේ. ඇත්තටම මට තියෙන ප්‍රශ්නෙ අපි මේ ගෙවන සල්ලි පොලිස් නිලධාරීන්ට යනවද ?”