පාකිස්තානයේ බෝම්බ පිපිරෙයි – 22ක් මරුට

පාකිස්තානයේ බෝම්බ පිපිරෙයි – 22ක් මරුට

පාකිස්තාන දේශසීමා පළාත් වන බලුකිස්තානය සහ කයිබර් පක්තුන්ක්වා හි සිදුවූ ප්‍රහාර තුනකින් 22 දෙනෙකු පමණ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව, නිරිතදිග පාකිස්තානයේ ක්වේට්ටා නගරයේ දේශපාලන රැලියක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් ඇති බවයි එරට පොලිසිය පවසන්නේ.

තවත් 30 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

COMMENTS