රණවිරුවන් පීඩාවට පත් කිරීම ගැන පොහොට්ටුවෙන් අස්ගිරි මහා නාහිමිට ලිපියක්

රණවිරුවන් පීඩාවට පත් කිරීම ගැන පොහොට්ටුවෙන් අස්ගිරි මහා නාහිමිට ලිපියක්

රණවිරුවන් පීඩාවට පත් කිරීම පිළිබඳව සැල කර සිටීමයි’ යන මැයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අස්ගිරි පාර්ශ්වයේ මහා නායක පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහා නාහිමියන්ට ලිපියක් යොමු කර තිබෙනවා.

ඒ අනුව, මව්බිමේ නිදහස වෙනුවෙන් දිවි හිමියෙන් කැප වූ රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටීමේ වගකීම ඉතිහාසය විසින් තම පක්ෂය වෙත පවරා ඇති බවයි පොදුජන පෙරමුණ එම ලිපිය මඟින් පෙන්වා දී තිබෙන්නේ.

දේශපාලන ව්‍යාපාරයක් ලෙසත්, පොදු මහජනතාවගෙන් සැදුම්ලත් සමාජ ව්‍යාපාරයක් ලෙසත්, එකී වගකීම ඉටු කිරීමට තම පක්ෂය බැඳී සිටින බවත්, ඒ සඳහා උත්තරීතර මහානායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ගෞරවනීය මහා සංඝරත්නයේ ආශිර්වාදාත්මක සහයෝගය පාද නමස්කාර පූර්වකව අයැද සිටින බවයි අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

COMMENTS