කහවත්ත ඝාතනයේ සිද්ධියේ වෙඩික්කරු සහ ජීප් රථයේ රියදුරු හඳුනාගනියි

කහවත්ත පලන්රිසූයගම හල්ලිද ප්‍රදේශයේ තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් දෙදෙනෙකු අද (02) පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුවන් දෙදෙනාම සාක්ෂිකරුවන් විසින් හඳුනාගෙන තිබෙනවා.
මෙම ඝාතනයේ වෙඩික්කරු බව සැකපිට අත්අඩංගුවට ගත් අය සහ සැකකරුවන් රැගෙන ගිය ජීප් රථයේ රියදුරු මෙලෙස හඳුනාගැනීමේ පෙරට්ටුවදී සාක්ෂිකරුවන් විසින් හඳුනාගනු ලැබුවා.
සැකකරුවන් දෙදෙනා සහ මෙම ඝාතනයට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අනෙක් සැකකරුවන් අට දෙනා සමග දස දෙනාම ලබන 16 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළා.
ඝාතන සිද්ධියේ 9 වැනි සැකකරුවන වෙඩ්ක්කරු බව සැකකෙරෙන කිරිබත්ගොඩ පදිංචි රමේශ චින්තක සහ 10 වන සැකකරු රත්නපුර දෑල පදිංචි හන්දුරගේරවිඳු යසස් හෙවත් නම් අය සාක්ෂිකරුවන් විසින් හඳුනා ගත්තා.
පසුගිය ජුනිමස 30 වනදා කහවත්ත පලන්සූරියගම හල්ලිද ප්‍රදේශයේ පදිංචි සුරංජන නම් 22 හැවිරිදි තරුණයා පොලිසියෙන් යැයි කියා පැමිණි පිරිසක් ව්සින් පැහැරගෙන ගොස් කහවත්ත ඇන්දාන මාර්ගයේදි වෙඩ් තබා ඝාතනය කිරිම සම්බන්ධයෙන් පරික්ෂණ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය සහ රත්නපුර කොට්ඨාස අපරාධ ඒකකය ව්සින් සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවා.