ශ්රී ලංකා නිදහස් පක්ෂයට 74යි

ශ්රී ලංකා නිදහස් පක්ෂයේ 74 වන සංවත්සරය අදට යෙදී තිබෙනවා.
සංවත්සර සැමරුම් උත්සවය පක්ෂ මූලස්ථානයේ දී අද පස්වරුවේ පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.
එම අවස්ථාවට පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන්, පළාත් පාලන නියෝජිතයන් ඇතුළු සියලු දෙනා සහභාගී විමට නියමිතයි.
එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ මූලිකත්වයෙන් 1951 වසරේ අද වැනි දිනක පිහිට වූ ශ්රී ලංකා නිදහස් පක්ෂය සැලකෙන්නේ මැද මාවතේ දේශපාලන පක්ෂයක් ලෙසයි.