රනිල් අත් අඩංගුවට ගැනීම ගැන කිසිදු විදෙස් රටකින් විරෝධයක් නැහැ

රනිල් අත් අඩංගුවට ගැනීම ගැන කිසිදු විදෙස් රටකින් විරෝධයක් නැහැ

කිසිදු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු හෝ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයක් විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විරෝධය දක්වන ප්‍රකාශයක් නිකුත් කර නොමැති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් ඊයේ (27) විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා මේ බව පැවසීය. විවිධ පුද්ගලයින් විවිධ ප්‍රකාශ සිදුකර ඇති බවද සඳහන් කළ අමාත්‍යවරයා ඒවා සැලකිය යුතු කාරණා නොවන බවද සඳහන් කළේය.

මෙරට තුළ නීතිය එක හා සමානව ක්‍රියාත්මක වෙන බවට ජාත්‍යන්තරය මේ වනවිට නිරීක්ෂණය කරමින් සිටින බවද අමාත්‍යවරයා පැවසීය.

COMMENTS