රනිල්ගේ සෞඛ්‍ය ගැන මාධ්‍යට කියපු බෙල්ලනට එරෙහිව විනය පරීක්ෂණයක්

රනිල්ගේ සෞඛ්‍ය ගැන මාධ්‍යට කියපු බෙල්ලනට එරෙහිව විනය පරීක්ෂණයක්

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට එරෙහිව විනය පරීක්‍ෂණයක් පවත්වන බව සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි.

පසුගිය දිනවල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ජාතික රෝහල් නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා මාධ්‍ය වෙත අදහස් දැක්වුව ද ඒ සඳහා ඔහුට අවසරය ලබාදී නොතිබූ බව නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කරයි.

එසේ අදහස් දැක්වීම සම්බන්ධයෙන් ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට එරෙහිව මෙලෙස විනය පරීක්ෂණයක් පවත්වන බව සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැතිවරයා කියා සිටී.

COMMENTS