රට අල සහ ලොකු ලූනු බදු ඉහළට

රට අල සහ ලොකු ලූනු බදු ඉහළට

ආනයනික අර්තාපල් සහ බොම්බයි ලූනු සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

පෙරේදා (26දා) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම බදු සංශෝධනය සිදුකර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ඒ අනුව ආනයනික අර්තාපල් කිලෝග්‍රෑම් එකක් සඳහා පනවා තිබූ රුපියල් 60ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 80 දක්වා ඉහළ දමා ඇත. ආනයනික බොම්බයි ලූනු කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 10 ක් පැවති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 50 දක්වා රුපියල් 40 කින් ඉහළ දමා තිබේ.

මෙම බදු සංශෝධනය පෙරේදා සිට මාස 03 ක කාල සීමාවක් සඳහා බලපැවැත්වෙන බව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙරට දේශීය අර්තාපල් සහ ලොකු ලූනු ගොවියා ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති අතර සිය අස්වනු සඳහා නිසි මිලක් නොමැති බවට පසුගිය දිනවල ගොවීහු චෝදනා කළහ.

COMMENTS