මේ මොහොතේ සිට වරකාපොලින් රථ වාහන සීමා කිරීමක්

මේ මොහොතේ සිට වරකාපොලින් රථ වාහන සීමා කිරීමක්

වරකාපොල, අඹේපුස්ස රන්ගල් ගුහාව පුරාණ ශ්‍රී පත්තිනි දේවාලයේ අද (28) පැවැත්වෙන දේව පෙරහර හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමාකරන බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය.

මෙම දේව පෙරහර අද සවස 6 සිට කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ වීථි සංචාරය කිරීමට නියමිතව අතර, එය අඹේපුස්ස දේවාල හන්දියෙන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට පිවිස, එම මාර්ගයේ නුවර දෙසට ගමන් කෙරේ.

අනතුරුව අඹේපුස්ස හන්දිය, මාහේන ප්‍රාදේශීය ලේකම් කාර්යාල හන්දිය, මාහේන වංගුව දක්වා ගමන් කර නැවතත් එම මාර්ගයේම දේවාලය වෙත ගමන් කිරීමට නියමිතය.

පෙරහර ගමන් කරන කාලය තුළදී කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ රථ වාහන තදබදයක් ඇති විය හැකි බැවින් එම කාලය තුළ මෙම මාර්ගය භාවිතා කරන මහජනතාව සහ රියදුරන්ට පහත විකල්ප මාර්ගයන් භාවිතා කරන ලෙස පොලීසිය ඉල්ලා සිටී.

විකල්ප මාර්ග

කොළඹ – නුවර මාර්ගයේ කොළඹ දෙස සිට පැමිණෙන රථ වාහන පස්යාල හන්දියෙන් නිට්ටඹුව ගිරිඋල්ල මාර්ගය ඔස්සේ මිරීගමට ගොස් අධිවේගී මාර්ගය භාවිතා කරමින් කුරුණෑගල දෙසට සහ මහනුවර දෙසට ගමන් කළ හැකිය.

කොළඹ – නුවර මාර්ගයේ කොළඹ දෙස සිට පැමිණෙන වාහන වේවැල්දෙනිය හන්දියෙන් වේවැල්දෙනිය මීරිගම මාර්ගයේ ගමන් කර මීරිගමින් අධිවේගී මාර්ගය භාවිතා කරමින් කුරුණෑගල දෙසට හා මහනුවර දෙසට ගමන් කළ හැකිය.

කොළඹ – නුවර මාර්යේ නුවර දෙස සිට කොළඹ දෙසට පැමිණෙන වාහන නෙළුන්දෙණිය හන්දියෙන් නෙළුන්දෙනිය අලව්ව මාර්ගය භාවිතා කළ හැකිය.

COMMENTS