විපක්ෂයේ විරෝධතාව අතරතුර පොලිස් නිලධාරියෙක්ට ප්‍රහාරයක්

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ අවට රැස්වූ විපක්ෂ කණ්ඩායම් රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ට බාධා සිදුකරන බවට වාර්තා වනවා.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය ලබාදුන් නියෝගයට එරෙහිව විපක්ෂ කණ්ඩායම් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අවට ප්‍රදේශයට රැස්ව සිටින බවයි වාර්තා වන්නේ .
විපක්ෂ පිරිස් කොම්පඤ්ඤවීදිය ශිව සුබ්‍රමනියම් කෝවිල අසල දී රාජකාරියේ නිරත පොලිස් නිලධාරියෙකුට බෝතලයකින් ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙන් එම පොලිස් නිලධාරියාගේ මුහුණට තුවාල සිදු වී තිබෙනවා .
විපක්ෂ පිරිස් පොලිස් නිලධාරීන්ට ද බාධා කරමින් කළහකාරී ලෙස හැසිරෙන බවටයි වාර්තා වන්නේ.