මධ්‍යම තැපැල් හුවමාරුවේ ඇඟිලි සළකුණු කිරීම අනිවාර් යෙන්ම ක්‍රියාත්මක කරනවා – ඇමති නලින්ද

මධ්‍යම තැපැල් හුවමාරුවේ ඇඟිලි සළකුණු යන්ත්‍රය අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
විපක්ෂයේ පක්ෂවලට සම්බන්ධ වෘත්තීය සමිති කිහිපයක් තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු අඩාල කිරීමට වර්ජනය සිදු කරන බවයි අමාත්‍යවරයා අද (21) පාර්ලිමේන්තුවේදී පැවසුවේ.
මේ අතර තැපැල්පතිවරයා ඉල්ලා සිටින්නේ සියලු දෙනා කඩිනමින් සේවයට වාර්තා කරන ලෙසයි.
ගැටලුවක් ඇත්නම් සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට අවශ්‍ය පහසුකම් සළසන බව ඔහු පවසනවා.
සේවයට වාර්තා කිරීමේදී හා පිටවීමේදී ඇඟිලි සළකුණු යන්තරය භාවිතයට විරෝධය පළ කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගෙන ඇතැම් තැපැල් සේවකයන් ආරම්භ කළ වැඩවර්ජනය තව දුරටත් ක්‍රියාත්මකයි.
මේ අතර උප තැපැල් ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති රැසක් ද වර්ජනයට එරෙහි වෙමින් සේවයට වාර්තා කර තිබෙනවා.
වේයන්ගොඩ තැපැල් කන්තෝරුව ද විවෘතව පවතිනවා.
ලංකා තැපැල් සේවක සංගමය පවසන්නේ ද සේවකයන් රාජකාරියට පැමිණීම වැඩි වී ඇති බවයි.
තැපෑලට සම්බන්ධ වෘත්තීය සමිති මෙන්ම රටේ සෙසු වෘත්තීය සමිති රැසක් ද පවසන්නේ වර්ජනය අසාධාරණ මෙන්ම අසාර්ථක එකක් බවයි.
තැපැල් සේවක වර්ජනයට දැඩි ලෙස විරෝධය පළ කරන පොදු මහජනතාව මෙය බෙහෙවින් අසාධාරණ ක්‍රියාවක් බවට චෝදනා කරනවා