මහීෂ් තීක්ෂණට තැන අහිමිවෙයි

අයි.සී.සී. එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගැනීමට දකුණු අප්‍රිකානු කන්ඩායමේ කේෂව් මහරාජ් සමත්ව තිබේ.
ඒ අනුව මෙතෙක් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ සිටි මහීෂ් තීක්ෂණට දෙවන ස්ථානය හිමිවුණි.
අයි.සී.සී. නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව එක්දින පන්දු යවන්නන්ගේ තෙවන ස්ථානය ඉන්දීය කණ්ඩායමේ කුල්දීප් යාදව්ට හිමිව ඇති අතර සිව් වන ස්ථානය නැමීබියා කණ්ඩායමේ බර්නාට් ෂෝල්ට්ස්ට හිමිව තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ වනිදු හසරංග එම සටහනේ අට වන ස්ථානයේ පසු වන අතර දුනිත් වෙල්ලාලගේ 32 වන ස්ථානයේ පසු වෙයි.