තැපැල් සේවකයින් වැඩවර් ජනයක

සාධාරණ වැටුප් සහ අතිකාල ලබාදී තිබියදී තැපැල් සේවක වැඩවර්ජනය අසාධාරණ බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අමාත්‍යවරයා තැපැල් සේවකයින්ට දැනුම් දෙන්නේ, වැඩවර්ජනය අත්හිටුවා සේවයට වාර්තා කරන ලෙසයි.
සියළු තැපැල් සේවකයින් වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.
ඒ අතිකාල දීමනා නිසි ලෙස නොගෙවීම සහ සේවක පුරප්පාඩුවලට විසදුම් ලබා දීම ඇතුළු ඉල්ලීම් 19 ක් මුල් කරගනිමින් ය.
වැඩවර්ජනය සදහා තැපැල් හා විදුලි සංදේශන නිලධාරීන්ගේ සංගමය හා ඒකාබද්ද තැපැල් වෘත්තීය සමිති එකමුතුව ඇතුළු වෘත්තිය සමිති එක් වී සිටියි.
ඊයේ(17) මධ්‍යම රාත්‍රී 12 සිට සියලු තැපැල් ස්ථානවල වැඩ වර්ජනය ක්‍රියාත්මකයි කර තිබේ.
සේවක අතිකාල දීමනා නිසි ලෙස නොගෙවීම, සේවක පුරප්පාඩු පිරවීම, තැපැල් ප්‍රවාහන අංශයේ පවතින ගැටළු සදහා විසදුම් ලබා දීම සහ පළමු පෙල නිලධාරීන් සදහා යෝජිත වැටුප් වර්ධක තුන ලබා දීම ඇතුළු ඉල්ලීම් 19 ක් මුල් කරගනිමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කර තිබේ.
වැඩ වර්ජනයක් ක්‍රියාත්මක වුවද උපතැපැල් කාර්යාල තුන් දහසකට අධික සංඛ්‍යාවක් විවෘතව පවතින බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා සඳහන් කළේ ය.