මහනුවර දිස්ත්‍රික්කය තුළ කුරුඳු වගාව ව්‍යාප්ත කිරීමට පියවර

මහනුවර දිස්ත්‍රික්කයේ දැනට වගා කටයුතු සිදු නොවන රජයේ ඉඩම් ආශ්‍රිතව කුරුඳු වගාව ව්‍යාප්ත කිරීම පිළිබඳ සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදි පසුගිය දා පවත්වා තිබෙනවා.
කුරුඳු වගාව සඳහා සුදුසු ඉඩම් හා භූමි තෝරා ගැනීම, වගාකරුවන්, අයෝජකයින් හඳුනා ගැනීම, වගා ප්‍රවර්ධනය, වගා කළයුතු කුරුඳු ප්‍රභේද තෝරා ගැනීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව අදහස් හා යෝජනා ලබා ගැනීම හා ඉදිරි වැඩසටහන් ක්‍රීයාත්මක කිරීම සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කර තිබෙන බවයි වාර්තා වන්නේ.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහාපොල, කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ කේ.ඩී. පතිරණ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පශ්චාද් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ මහචාර්ය ඩී.කේ.එන්.ජී. පුෂ්පකුමාර, කෘෂිකර්ම ජෛව තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ පී.ඩී.ජි. බණ්ඩාරනායක යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය ආයතන රැසක නිලධාරීන් සහභාගී වී තිබෙනවා.
එමෙන්ම කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව, අපනයන කෘෂිකර්ම දොපර්තමේන්තුව, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය, ජනතා වතු සංවර්ධන මණ්ඩලය, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ඇතුළු ආයතනවල දායකත්වය ඇතිව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි වාර්තා වන්නේ.