කංසා අපනයන වැඩේට ඩයනාගෙන් ආණ්ඩුවට පැසසුම්

කංසා වගාකිරීම තුළින් රටට විශාල වශයෙන් විදේශ විනිමය ගලා එන බවත් ඒ සඳහා සෘජු තීරණයක් ඔස්සේ වත්මන් රජය ක්‍රියාත්මක වීම තමන් අගය කරන බවත් හිටපු රාජ්‍ය අමාත්‍යවරියක වන ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරනවා.
ඊයේ (17) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඇය මේ බව සඳහන් කළේ.
මේ අතර පසුගිය රජයට මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා කොන්දක් නොතිබූ බවද හිටපු රාජ්‍ය අමාත්‍යවරිය මෙම මාධ්‍යහමුවට එක්වෙමින් වැඩිදුරටත් සඳහන් කළා.
කෙසේ වෙතත් පසුගිය රජයන් සමයේ කංසා වගා කිරීම සම්බන්ධයෙන් යෝජනා වී තිබූ ක්‍රමවේදයන්ගෙන් පරිබාහිරව සෘජු විදේශ ආයෝජන ඉලක්ක කරගනිමින් පමණක් වත්මන් රජය මෙම කංසා වගාව සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙනවා.
ඒ අනුව මෙරට කංසා වගාව තෝරාගත් විදේශ රටවලට පමණක් ලබාදී ඒ තුළින් විදේශ විනිමය ඉපැයීමටයි රජයේ අවධානය යොමුව තිබෙන්නේ.