සයිබර් ආරක්ෂණ පනත් සකස් කිරීමට ජනපතිගෙන් කමිටුවක්

සයිබර් ආරක්ෂණ පනත් සඳහා නිර්දේශ ලබාදීමට කමිටුවක් පත්කර තිබේ.
ජනාධිපතිවරයාගේ උපදෙස් මත එම කමිටුව පත් කර ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයෙන් ය.
ඩිජිටල් ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ, සයිබර් ආරක්ෂණය සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති ආයතන දෙකකට අදාළ පනත් පිළිබඳ එම කමිටුව විසින් අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කරන බවයි.
ජාතික ආරක්ෂාව බලපාන සයිබර් ආරක්ෂණය සම්බන්ධ පනත් කෙටුම්පතක් සහ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සයිබර් ආරක්ෂනය සම්බන්ධ පනත් කෙටුම්පතක් පිළියෙල කිරිම මෙම කමිටු නිර්දේශ මත පදනම්ව සිදු කෙරෙනු ඇති.
නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, එම පනත් දෙකට අදාළ බලතල ක්‍රියාත්මක කිරිමට හා නියාමනයට ආයතන දෙකක් පිහිටුවීමට සැලසුම් කර ඇති බවයි.
මෙරට සයිබර් ආරක්ෂාව සුරක්ෂිත කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ එම පනත් කඩිනමින් සම්මත කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ ය.