ඉන්දියාවේ 79 වන ජාතික නිදහස් දිනය අදයි

ඉන්දියාවේ 79 වන ජාතික නිදහස් දිනය අදයි

ඉන්දියාවේ 79 වන ජාතික නිදහස් දිනය අදට (අගෝස්තු 15) යේදී තිබේ.

බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් ඉන්දියාව 1947 වසරේ අදවන් දිනක නිදහස ලබා ඇත.

ඒ වෙනුවෙන් ඉන්දීය රජය මෙවර පවත්වන විශේෂ රාජ්‍ය උත්සවය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සහභාගිත්වයෙන් නවදිල්ලියේ රතු බළකොටුවේ දි සිදුකිරීමට නියමිතය.

මෙහිදී අගමැති මෝදි පෙ.ව. 7.30ට ඉන්දීය ජාතික ධජය ඔසවා ජාතිය අමතනු ඇත.

මෙම රාජ්‍ය උත්සවයේ දී සින්දූර් මෙහෙයුමට දායක වූ හමුදා නිලධාරීන් ඇගයීමට මුල්තැනක් ලබා දී ඇති අතර, ඒ වෙනුවෙන් එම මෙහෙයුමට දායක වූ කිහිප දෙනෙකු වාර්ෂික හමුදා ගෞරව නාම ලේඛනවලට එක්කිරීමටද නියමිතය.

COMMENTS