ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර් ශකය ඒකක 20,000 ඉක්මවා යයි

අද (15) දින ගනුදෙනු අවසානයේදී කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 20,000 ඉක්මවා යාමට සමත් වී තිබෙනවා.
ඒ අනුව දිනය තුළ ඒකක 289.69 කින් සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 20,218.36 ක් ලෙසින් සටහන් වුණා.
මීට පෙර පසුගිය අගෝස්තු 04 දින ගනුදෙනු අතරවාරයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 20,000 සීමාව ඉක්මවා යාමට සමත් වුවද, එදින ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 20,000 සීමාවෙන් පහළට ඇවිත් නතර වී තිබුණා.
අද (15) දින රු. බිලියන 9.54ක දැවැන්ත ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීම විශේෂත්වයක්.