මෙරට සෞඛ්‍ය පද්ධතිය ඩිජිටල්කරණයට ෆින්ලන්තයේ සහය

මෙරට සෞඛ්‍ය පද්ධතිය ඩිජිටල්කරණයට ෆින්ලන්තයේ සහය

මෙරට සෞඛ්‍ය පද්ධතිය ඩිජිටල්කරණය කිරීම සඳහා සහයෝගය ලබා දීමට ෆින්ලන්ත රජය එකඟතාව පල කර තිබේ.

ඒ , සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ ෆින්ලන්තයේ තානාපති කිමෝ ලඩවර්ටා මහතා අතර පැවති හමුවකදීයි.

මෙරට සෞඛ්‍ය සේවා පද්ධතිය වර්තමානයේ මුහුණ දෙන අභියෝග පිළිබඳවත් , දෙරට අතර සෞඛ්‍ය ක්ෂේත්‍රවල සබඳතා වැඩි දියුණු කිරීම පිළිබඳවත් එහිදි අවධානය යොමු වී තිබේ.

වත්මන් රජය ගෙන යනු ලබන ජනතාවාදී වැඩපිළිවෙල ඇගයීමට ලක් කරමින් ෆින්ලන්තයේ දියුණු සෞඛ්‍ය පද්ධතියේ අත්දැකීම් ද එහිදි සාකච්ඡා කර තිබේ.

COMMENTS