කෞතුකාගාර විවෘතව තබන වේලාවන් සහ දිනවල වෙනසක්

කෞතුකාගාර විවෘතව තබන වේලාවන් සහ දිනවල වෙනසක්

ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව යටතේ ඇති කොළඹ ජාතික කෞතුකාගාරය සහ අනෙකුත් ප්‍රාදේශීය කෞතුකාගාර, මහජන ප්‍රදර්ශනය සඳහා විවෘතව තබන දින සහ වේලාවන් සැප්තැම්බර් 01 වන දින සිට බලපැවැත්වෙන පරිදි සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවට අයත් සියලුම කෞතුකාගාර සතියේ සෑම සඳුදා දිනකම නඩත්තු කටයුතු සඳහා වසා තැබෙන බැවින්, මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත නොකෙරෙන බවයි ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සනූජා කස්තුරි ආරච්චි සඳහන් කළේ.

රජයේ ප්‍රසිද්ධ නිවාඩු දින අතුරින්, ජාතික නිදහස් දිනය, සිංහල හින්දු අලුත් අවුරුදු නිවාඩු දින 02, කම්කරු දිනය සහ වෙසක් පොහොය දිනය යන දිනවල ද කෞතුකාගාර විවෘත නොකරන බවයි සඳහන් වන්නේ.

කොළඹ ජාතික කෞතුකාගාරය සහ ජාතික ස්වභාවික විද්‍යා කෞතුකාගාරය පෙ.ව. 9.00 සිට ප.ව. 6.00 දක්වා විවෘතව තැබෙන අතර, මෙම කෞතුකාගාර නැරඹීමේ ඒකාබද්ධ ප්‍රවේශ පත්‍ර නිකුත් කරන වේලාව ප.ව. 3.00ට අවසන් වන බව සඳහන්.

අනෙකුත් ප්‍රාදේශීය කෞතුකාගාර පෙ.ව. 9.00 සිට ප.ව. 5.00 දක්වා විවෘතව තබන අතර, ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ප.ව. 4.00ට අවසන් වන බවයි පැවසෙන්නේ.

COMMENTS