ට්‍රම්ප් ගෙන් රුසියාවට අනතුරු ඇඟවීමක්

යුක්රේනය සමග සටන් විරාමයකට එකඟ නොවුණහොත් රුසියාවට දැඩි ප්‍රතිවිපාක අත්වනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ.
ඒ , සටන් විරාම සාකච්ඡා සදහා අමෙරිකානු ජනාධිපතිවරයා හෙට(14) රුසියානු ජනාධිපති ව්ලැඩිමියර් පුටින් හමුවීමට නියමිතව ඇති පසුබිමකදියි.
ඇලස්කාවේදී එම සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබේ.
පළමු රැස්වීම සාර්ථක වුවුහොත් තවත් රැස්වීමක් පැවැත්වීමට ද සැලසුම් කර ඇති අතර ඒ සදහා යුක්රේන ජනාධිපතිවරයා ද සහභාගි වන බව විදෙස් මාධ්‍ය පවසයි.