බිහිසුණු අනතුරක් – දෙදෙනෙක් රෝහලට

බිහිසුණු අනතුරක් – දෙදෙනෙක් රෝහලට

කොළඹ සිට නුවරඑළිය දක්වා ධාවනය වූ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන දුරකතන රැහැන් සහිත කණුවක ගැටී අද (14) දින අනතුරක් සිදු ඇති බව නානුඔය පොලිසිය පවසනවා.

කැබ් රථයේ ගමන් ගත් රියදුරා සහ පසුපස ගමන් ගත් අයෙකු තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කළ බවයි නානුඔය පොලිසිය සඳහන් කළේ.

අද (14) දින උදෑසන 6:00ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නානුඔය බංගලාහත ප්‍රදේශයේදීයි.

නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයක් සඳහා පැමිණි පිරිසක් මෙසේ අනතුරට පත් වී ඇති බවයි සඳහන් වන්නේ.

අනතුරින් කැබ් රථයටද දැඩි අලාභ හානි සිදු වී තිබෙනවා.

පවතින දැඩි අයහපත් කාලගුණය සහ මීදුම් තත්ත්වය හමුවේ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ විමසිලිමත්ව රිය ධාවනය කරන ලෙස නානුඔය පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

COMMENTS