දිවයිනේ ප්‍රදේශ රැසකට අද තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද තද වැසි

සබරගමුව පළාත සහ නුවරඑළිය මෙන්ම මහනුවර දිස්ත්‍රික්ක වලට, අද(13) මිලිමීටර 50 ට වැඩි වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි ඇති විය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් වලත්, උතුර, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත් වල සුළං වේගය, පැයට කිලෝමීටර 40 – 50 ත් දක්වා ඉහළ යා හැකි වන අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ, අකුණු අනතුරු වලින් ආරක්ෂා වන ලෙසයි.

COMMENTS