ශාන්ත මුදුන්කොටුව ඝාතනයේ සැකකාර රියදුරුට රැඳවුම් නියෝග

හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව හෙවත් ‘බනා මන්ත්‍රී’ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් රියදුරු රැඳවුම් නියෝග මත දින 5ක් ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර හිමිව ඇත.
ඔහු අද (13) පෙරවරුව් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබේ.
46 හැවිරිදි ශාන්ත මුදුන්කොටුව මහතා ඊයේ (12) දහවල් 1.10ට පමණ සිදුවූ වෙඩිතැබීමකින් ජීවිතක්ෂයට පත්විය.
මෙම වෙඩිතැබීමත් සමග ක්ෂණිකව ක්‍රියාත්මක වූ පොලීසිය, මාර්ග බාධක යොදා සිදුකළ හදිසි රථවාහන පරීක්ෂා කිරීමදී තලංගම, පාලන්තුන හංදිය ප්‍රදේශයේදී වෙඩික්කරු පැමිණි මෝටර් රථය සහ එහි රියදුරු අත්අඩංගුවට ගත්තේය.
එහිදී වෙඩිතැබීමට භාවිත කළ බවට සැකකෙරෙන මිලිමීටර 9 වර්ගයේ ගිනිඅවිය ද පොලිස් භාරයට ගෙන තිබුණි.