රේණුකා ඒකනායක ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වෙයි

රේණුකා ඒකනායක මහත්මිය ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.
පොලිස් කොමිසම පැවසුවේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ලිපියක් යොමුකරමින් ඒකනායක මහත්මිය ඉල්ලා අස්වී ඇති බවයි.
විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජාතික පොලිස් කොමිසම සාමාජිකයින් 06 දෙනෙකුගෙන් යුක්ත වී තිබේ.
රේණුකා ඒකනායක මහත්මියගේ ඉල්ලා අස්වීමත් සමග මේ වන විට පොලිස් කොමිසමේ පුරප්පාඩුව පවතින සාමාජික සංඛ්‍යාව 2 කි.
මේ අතර හිටපු අමාත්‍යංශ ලේකම් රේණුකා ඒකනායක මහත්මිය පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවනු ලැබුවාය.
ඒ 2012 – 2017 කාල සීමාව තුළ ඕස්ට්‍රේලියාවෙන් කිරි ගවයින් ආනයනය කිරීමේ ගණුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි.
හිටපු අමාත්‍යාංශ ලේකම් රේණුකා ඒකනායක මහත්මිය හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ බිරිඳ වේ.