රාජිත අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (12) වරෙන්තු නිකුත් කර තිබෙනවා.
සැකකාර හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ ලබාදීම මගහරිමින් විමර්ශනවලට බාධා කරන බවට අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.
අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයක සැකකරුවකු වශයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න නම් කර තිබෙනවා.