ජනපති ලබන මස අමෙරිකාව හා ජපානයේ සංචාරයක

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන සැප්තැම්බර් 24 වැනිදා නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගිවීමට නියමිතව තිබේ.
ඒ සඳහා සහභාගී වීමට ජනාධිපතිවරයා සැප්තැම්බර් 23 වැනිදා අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතයි.
එම සංචාරයේදී ජනාධිපතිවරයා අමෙරිකාවේ වෙසන ශ්‍රි ලාංකික ප්‍රජාව හමුවීමට ද නියමිතව තිබේ.
අනතුරුව නිල සංචාරයක් සදහා ජනාධිපතිවරයා ජපානය බලා පිටත්ව යාමට නියමිතයි.
එම සංචාරයේදී ජනාධිපතිවරයා ජපානයේදී පැවැත්වෙන ශ්‍රී ලාංකික දින උත්සවයට සහභාගිවීමට ද නියමිතව තිබේ.