රාජිත දුරකතනයත් විසන්ධි කරලා අතුරුදන්

නීතිමය ක්‍රියා පටිපාටියට පටහැණි ලෙස කිරින්ද ධීවර වරායේ වැලි කැණීම් ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට පැවරීම තුළින් රජයට රුපියල් ලක්ෂ 262කට අධික පාඩුවක් සිදු කළා යැයි කියන රාජිත සේනාරත්න මහතා තවමත් දුරකතනයද විසන්ධි කරමින් නිවෙසද අතහැර ගොස් ඇති බව වාර්තා වනවා.
ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කිහිපවරක් උත්සාහ කළ තිබෙනවා.
වෛද්‍ය රාජිත සේනාරත්න මහතා එම සිද්ධිය සම්බන්ධයෙන් මහාධිකරණය හමුවේ අපේක්ෂිත ඇප ඉල්ලීමක් සිදු කර ඇති බවට නීතිඥවරයෙක් මාර්ගයෙන් කොමිසම දැනුවත් කර තිබුණා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දෙන බව දැනුම් දුන්නද හිටපු ඇමැතිවරයා එහි නොපැමිණීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීමට තීරණය කළ තිබුණා.
මෙම විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා දෙන ලෙස අවස්ථා කිහිපයකදීම ඔහුට දැනුම්දීම් කර තිබුණත් ඔහු විවිධ අසත්‍යය කරුණු ඉදිරිපත් කරමින් දිගින් දිගටම එම ප්‍රකාශ ලබාදීම මගහරිමින් සිටියා.
මෙම සිද්ධයට අනුව අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා තමන් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය දුන් තීන්දුව ප්‍රතිශෝධනය කර තමන්ව අපේක්ෂිත ඇප මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම සඳහා ලබන සැප්තැම්බර් මස 01 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.