WhatsApp ගිණුම් මිලියන 6.8කට වෙච්ච වැඩේ

WhatsApp ගිණුම් මිලියන 6.8කට වෙච්ච වැඩේ

මෙම වසරේ මුල් භාගයේදී ලොව පුරා පුද්ගලයින් ඉලක්ක කරගෙන විවිධ වංචාවන් සිදුකරනු ලැබු WhatsApp ගිණුම් මිලියන 6.8ක් ඉවත් කර ඇති බව Meta සමාගම පවසයි.

WhatsApp විසින් නව වංචා විරෝධී පියවරයන් හඳුන්වා දීමත් සමඟ Meta සමාගම මෙම තීරණය ගෙන ඇත.

එම පියවරයන් අතර, WhatsApp විසින් සම්බන්ධතා ලැයිස්තුවේ නොමැති පරිශීලකයෙකු කණ්ඩායම් කතාබහකට (Group Chat) එක්කිරීමේ දී සිදුවිය හැකි වංචනික ක්‍රියාකාරකම් පිළිබඳව විශේෂයෙන් පරිශීලකයින්ව දැනුවත් කර තිබේ.

අපරාධකරුවන් විසින් WhatsApp ගිණුම් පැහැර ගැනීම හෝ ව්‍යාජ ආයෝජන යෝජනා ක්‍රම සහ වෙනත් වංචා ප්‍රවර්ධනය කරන Group Chatවලට පරිශීලකයින් එක්කිරීම වැනි බහුලව සිදුවන වංචනික ක්‍රියාකාරකම් මර්දනය ද මෙහිදී ඉලක්ක කර ඇත.

COMMENTS