වසරේ ගතවූ කාලය තුළ වාහන 133,000ක් ලියාපදිංචි කෙරේ

වසරේ ගතවූ කාලය තුළ වාහන එක් ලක්ෂ 33678 ක් ලියාපදිංචි කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
ඉන් වැඩිම සංඛ්‍යාවක් ලියාපදිංචි කර ඇත්තේ යතුරුපැදි වන අතර එම සංඛ්‍යාව එන් ලක්ෂ 451 කි.
අදාළ කාල සීමාව තුළ මෝටර් රථ සංඛ්‍යාව 20535 ක් ලියාපදිංචි කර තිබේ.
මීට අමතරව ත්‍රිරෝද රථ 3293ක් ද්විත්ව කාර්ය වාහන 1995 ක් ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර තිබේ.
වාහන ආනයනය සඳහා රජය අවසර දීමත් සමග වාහන ලියාපදිංචිය එලෙස ඉහළ ගොස් ඇති බව දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.