දිස්ත්‍රික්ක කිහිපයකට මිනිස් සිරුරට දැනෙන උණුසුමක් – විමසිලිමත් වෙන්න කාලගුණයෙන් නිවේදනයක්

උතුරු-මැද, නැගෙනහිර පළාත් සහ යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියාව, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා විමසිලිමත්වන ලෙස දන්වා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව එම දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කල යුතු” මට්ටමක පැවතිය හැකි බව දැනුම් දී ඇත.
ඉහත උණුසුම් දර්ශකය (Heat Index) කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගෝලීය ගණිතමය කාලගුණ අනාවැකි ආකෘති දත්ත විශ්ලේෂණ මගින් ලබාගත් වායුගෝලීය ආර්ද්‍රතාවය සහ උපරිම උෂ්ණත්ව අගයයන් යොදා ගනිමින් හෙට (07) දිනය සඳහා ගණනය කර ඇති දර්ශකයක් වන අතර මෙය ශරීරයට දැනෙන තත්වයකි.
එමෙන්ම මෙය විය හැකි උපරිම වායුගෝලීය උෂ්ණත්වය නොවන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.