කොළඹ- කතරගම ප්‍රධාන මාර් ගය භාවිතා කරන රියදුරන්ට නිවේදනයක්

කොළඹ- කතරගම ප්‍රධාන මාර් ගය භාවිතා කරන රියදුරන්ට නිවේදනයක්

දෙවිනුවර විෂ්ණු දේවාලයේ ඇසළ මංගල්‍යෙය් කාවඩි පෙරහර 2025-08-07- දිනන සවස 4 සිට රාත්‍රී 9 දක්වා සහ අවසන් රන්දෝලි පෙරහර 2025-08-08 වන දින සවස 4 සිට රාත්‍රී 9 දක්වා වීථි සංචාරය කිරීමට නියමිතයි.

පෙරහර ගමන් ගන්නා කාලය තුළ කොළඹ කතරගම ප්‍රධාන මාර්ගය වසා තැබෙන බැවින් මෙම කාලය තුළ මෙම මාර්ගය භාවිතා කරන රථ වාහන රියදුරන් හට ඇතිවන අපහසුතාවය අවම කිරීම සඳහා පහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රිදුරන්ගෙන් ඉල්ලා සිටී.

මේ හේතුවෙන් මාතර සිට තංගල්ල දෙසට ගමන් කරන රථ වාහන මැද්ද වත්ත කාර්මික විද්‍යාලය අසලින් මාතර යටියන මාර්ගයට හරවා කැකෙන දුර හන්දියෙන් වේ හැල්ල මාර්ගය ඔස්සේ දික්වැල්ල දක්වා ගමන් කළ හැකියි.

තංගල්ල සිට මාතර දෙසට ගමන් කරන රථ වාහන තලල්ල කාර්මික විද්‍යාල අසලින් හරවා නාඔටුන්න මාර්ගය ඔස්සේ වියන්නරුව හන්දිය දක්වා ගොස් දික්වැල්ල

වේ හැල්ල මාර්ගය ඔස්සේ කැකෙන දුර හන්දියට පැමිණ කැකෙන දුර මාතර පාර ඔස්සේ මාතර දක්වා ගමන් කළ හැකියි.

COMMENTS