පොලිස් ඉතිහාසය තුළ සිටි අපකීර් තිමත්ම නිලධාරියෙක් තමයි ඉවත් කරන්නේ – ආනන්ද විජේපාල

පොලිස් ඉතිහාසය තුළ සිටි අපකීර් තිමත්ම නිලධාරියෙක් තමයි ඉවත් කරන්නේ – ආනන්ද විජේපාල

මෙරට පොලිස් ඉතිහාසය තුළ සිටි අපකීර්තිමත්ම නිලධාරියෙක් අද (05) දිනයේ ඉවත් කිරීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

ඒ අනුව, දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට පත් කර ඇත්තේ ඔහු සම්බන්ධයෙන් ඇති නඩු සම්බන්ධයෙන් කිසිදු සැලකිල්ලකින් තොරව බවයි අද පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

දේශබන්දු තෙන්නකෝන්ගේ විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුව මඟින් නිකුත් කළ වාර්තාව අනුව, ඔහුට එරෙහිව එල්ල වූ චෝදනා 23 න් 19 කටම ඔහු වැරදිකරු බවට පත් වී ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මෙලෙස අපකීර්තිමත්ම නිලධාරියෙක් ඉවත් කිරීමට පවත්වන මෙම විවාදය ඉතිහාසගත වනු ඇති බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

COMMENTS