පිටකොටුව මධ්‍යම බස් රථ නැවතුම්පොළ සංවර්ධනය කිරීමට අනුමැතිය

පිටකොටුව මධ්‍යම බස් රථ නැවතුම්පොළ නවීකරණය හා සංවර්ධනය කිරීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබෙනවා.
අදාළ නවීකරණ කටයුතු හා සංවර්ධනයන් සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන 425ක් වන අතර, ‘Clean Sri Lanka’ වැඩසටහන සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන යොදා ගනිමින්, පිටකොටුව මධ්‍යම බස් රථ නැවතුම්පොළ ප්‍රතිසංස්කරණය කිරීමට නියමිත බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.
දශක ගණනාවක් තිස්සේ අලුත්වැඩියා හා යාවත්කාලීන කිරීම් සිදු නොකිරීම හේතුවෙන් පිටකොටුව මධ්‍යම බස් රථ නැවතුම්පොළෙහි ප්‍රවේශ මාර්ග, බස් රථ අංගන, මගී නැවතුම්, රියදුරු-කොන්දොස්තර විවේකාගාර, පරිපාලන ගොඩනැඟිලි, සනීපාරක්ෂක හා ජල අපවහන පද්ධති මේ වන විට ඉතා අබලන් තත්ත්වයකට පත් වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
අදාළ කැබිනට් තීරණය පහතින්.

