නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා පාසල් වසා දැමීමක් ගැන අපි කතා කරන්නේ නැහැ – මධුර සෙනෙවිරත්න

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා පාසල් වසා දැමීම සම්බන්ධයෙන් කතා නොකරන බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න පවසනවා.
මේ වන විට සිසුන් 50ට අඩු පාසල් සම්බන්ධයෙන් වාර්තාවක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කැඳවා ඇති බවයි අද (05) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
එලෙස ලබා ගන්නා වාර්තාව අනුව එම පාසල් සංවර්ධනය කිරීමට කටයුතු කරන බවද, එම පාසල් සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී මහජන නියෝජිතයන්, ප්‍රාදේශීය සංවර්ධන කමිටු, ප්‍රාදේශීය ලේකම් හා ග්‍රාමසේවා නිලධාරීන් යන සියලු දෙනාගේ එකතුවෙන් තීරණ ගන්නා බවද ඔහු ප්‍රකාශ කළා.
මේ හරහා සිදුවන්නේ අධ්‍යාපන අවස්ථා පුළුල් වීමක් බවයි අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.