දේශබන්දු තනතුරෙන් ඉවත් කිරීමේ විවාදය අද

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද (05) පැවැත්වේ.
ඒ අනුව අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වන්නේ, කතානායකවරයාගේ ප්‍රධානත්වයෙනි.
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාවට අදාළ ඡන්ද විමසීම, අද(05) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.
විෂමාචාර සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුව ඒකමතිකව තීරණය කළේ,මන්ත්‍රීවරුන් 115 දෙනෙකුගේ අත්සනින් ඉදිරිපත් කළ යෝජනාවෙන් නගා තිබූ චෝදනාවලට තෙන්නකෝන් මහතා වරදකරු බවයි.
පොලිස්පතිවරයා ධූරයෙන් ඉවත් කිරීමේ යෝජනාව මන්ත්‍රීවරුන් 115 දෙනෙකුගේ අත්සනින් පසුගිය මාර්තු මාසයේ 25 වනදා කථානායකවරයාට භාර දී තීබුණි
ඒ 2002 අංක 5 දරණ නිලධරයන් ඉවත් කිරීමේ කාර්ය පටිපාටි පනතතේ ප්‍රතිපාදන අනුවයි.
පනතට අනුව විෂමාචාර හා දූෂණය, ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදා ගැනීම, බරපතල ලෙස රාජකාරිය පැහැර හැරීම සහ දැඩි ලෙස පක්ෂග්රාහීවීම යන කරුණු ඇතුළත් චෝදනා 27 ක් පොලිස්පතිවරයාට එරෙහිව භාරදුන් යෝජනාවට ඇතුළත් වේ.
පනතේ සඳහන් ප්‍රතිපාදන අනුව හිටපු අගවිනිසුරුවරිය විසින් වත්මන් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන,විශ්‍රාමික විනිසුරු නීල් ඉද්දවෙල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ලලිත් ඒකනායක යන මහත්වරුන් එම චෝදනා විමර්ශනය සදහා පත් කෙරුණි.
එම කමිටුව අදාල චෝදනා සම්බන්ධයෙන් විමර්ශන සිදුකල අතර විමර්ශනයේ අවසන් වාර්තාවේ නිගමන ලැබීමෙන් පසුව කථානායකවරයාට පියවර ගනු ලැබුවේ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමටයි.
එම යෝජනාව නොපැමිණි මන්ත්‍රීවරුන්ද ඇතුළුව පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රීවරුන් සංඛ්‍යාවෙන් බහුතරයක් මන්ත්‍රීවරුන් විසින් සම්මත කිරීමෙන් පසුව ජනාධිපතිවරයා විසින් අප්‍රමාදව අදාළ පුද්ගලයා තනතුරෙන් ඉවත්කල යුතු බව පනතේ සදහන් වේ.