කන්ද උඩරට දෙවැනි රන්දෝලි පෙරහර අද

කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර ඊයේ (04) වීථි සංචාරය කළා.
දෙවැනි රන්දෝලි පෙරහර අද (05) වීථි සංචාරය කිරීමට නියමිතයි.
ඒ අනුව ශ්‍රී දළදා මාලිගාව අබියසින් රාත්‍රී 7.16ට නැගෙනහිර දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය, ඩී.එස්. සේනානායක වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය, රජ වීදිය, ඊ.එල්. සේනානායක වීදිය, හරස් වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ ගමන් ගෙන රජ වීදිය ඔස්සේ ඉහළට විත් ගෙවැදීමට නියමිතව තිබෙනවා.