බෝට්ටුවක් පෙරළීමෙන් සංක්‍රමණිකයන් 68 ක් මරුට

යේමනය ආසන්න මුහුදේ බෝට්ටුවක් පෙරළීමෙන් අප්‍රිකානු සරණාගතයින් සහ සංක්‍රමණිකයන් 68 දෙනෙකු මියගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තවත් 74 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි.
අනතුරින් 12 දෙනෙකු දිවි ගලවා ගෙන ඇති බව යේමනයේ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය පැවසුවේ ය.
බෝට්ටුවේ පුද්ගලයින් 154 දෙනෙකු ගමන් කර ඇති බවත් විදෙස් වාර්තාවල සඳහන් ය.
ලෝකයේ භයානකම සංක්‍රමණික මුහුදු මාර්ගවලින් එකක් ලෙස යේමනය ආසන්න මුහුදු මාර්ගය හැදින්විය හැකියි.
පසුගිය දශකය තුළ මෙම මුහුදු මාර්ගයේදී පුද්ගලයින් 2,082ක් අතුරුදන් වී තිබේ.