ගුවන් තොටුපොළේදීම තාවකාලික රියදුරු බලපත්‍ර ලබාදීම අද සිට

මෙරටට පැමිණෙන විදේශිකයින් සඳහා ගුවන් තොටුපොළේදීම තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය අදින් ආරම්භ වේ.
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කළේ, කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ඒ වෙනුවෙන් විශේෂ කවුළුවක් ස්ථාපිත කර ඇති බවයි.
ඒ හරහා විදේශිකයින්ට පහසුවෙන් රියදුරු බලපත්‍ර ලබාගත හැකි බව, අමාත්‍යාංශය සඳහන් කළේ ය.
මෙරටට පැමිණෙන විදේශිකයන්ට මෙතෙක් තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කෙරුණේ, වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලයෙන් පමණයි.
ඒ සඳහා වැඩි කාලයක් සහ පිරිවැයක් වැය කිරීමට සිදුවීම සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබේ.