දශක 3කට අධික රංගන දිවියේ පළමුවරට ශාරුක් හා රාණිට ලැබෙන සම්මාන

දශක 3කට අධික රංගන දිවියේ පළමුවරට ශාරුක් හා රාණිට ලැබෙන සම්මාන

දශක 3කට අධික රංගන දිවියේ පළමුවරට ඉන්දීය ජාතික චිත්‍රපට සම්මාන උළෙලක හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැනීමට සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ට හැකිව තිබේ.

ඉන්දීය ජාතික චිත්‍රපට සංවර්ධන සංස්ථාව විසින් ඊයේ (1) ප්‍රකාශයට පත්කළ ’71 වන ජාතික චිත්‍රපට සම්මාන උළෙලේ’ ජයග්‍රාහී සම්මාන ලැයිස්තුවේ මෙලෙස ශාරුක්ව නම්කර ඇත.

2023 වසරේ තිරගත වූ චිත්‍රපට වෙනුවෙන් මෙම සම්මාන උළෙල පැවැත්වෙන අතර, ඒ අනුව එම වසරේ තිරගත වූ ‘ජවාන්’ චිත්‍රපටයේ ශාරුක් දැක් වූ විශිෂ්ට රංගනය වෙනුවෙන් මෙම සම්මානයට ඔහු නම්කර ඇත.

ජවාන් චිත්‍රපටයට ඉන්දීය රුපියල් කෝටි 1,148කට අධික ආදායමක් උපයාගැනීමට හැකි වූ අතර, එය එම වසරේ වැඩිම ආදායමක් උපයාගත් ඉන්දියානු චිත්‍රපටය විය.

එමෙන්ම ඉන්දීය චිත්‍රපට ඉතිහාසයේ දෙවන වැඩිම ආදායමක් උපයාගත් හින්දි චිත්‍රපටය මෙන්ම හයවන වැඩිම ආදායමක් උපයාගත් ඉන්දියානු චිත්‍රපටය ද එය වේ.

මේ අතර මෙම සම්මාන උළෙලේ හොඳම නිළියට හිමි සම්මානයට රාණි මුකර්ජි නම්කර ඇත.

ඇය රංගනයෙන් දායක වූ ‘Mrs. Chatterjee vs Norway’ නම් චිත්‍රපයට වෙනුවෙන් මෙම සම්මානය හිමිවේ.

මෙය රාණි මුකර්ජිගේ ද දශක තුනක සිනමා දිවියේ ලබාගන්නා පළමු ඉන්දීය ජාතික චිත්‍රපට සම්මානය වනු ඇත

COMMENTS