ඇඟලුම් සේවකයින් රැගත් බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි (Photos)

කෑගල්ල – අවිස්සාවේල්ල මාර්ගයේ දෙහිඕවිට තැඹිලියාන ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී තිබේ.
අදාළ බස් රථයේ ඇගලුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් පිරිසක් ගමන්කර තිබූ බවද වාර්තා වෙයි.
අනතුර සිදුවී ඇත්තේ අද (02) අලුයම 6:30ට පමණය.
බස් රථයේ 37 දෙනෙකු පමණ ගමන් කර තිබෙන අතර අනතුරෙන් තුවාල ලැබූ 23 දෙනෙකු ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත.
දැරණියගල සිට අවිස්සාවේල්ල කර්මාන්ත පුරය දක්වා ධාවනය කරමින් තිබියදී බස් රථය අනතුරට ලක්වී තිබේ.

