ආසන පටි පැළඳීම හරහා අනතුරු 45%කින් අඩුකර ගත හැකියි

ආසන පටි පැළඳීම හරහා අනතුරු 45%කින් අඩුකර ගත හැකියි

අධ්‍යයනවලට අනුව ආසන පටි පැළඳීම තුළිත් අනතුරු හානි 45% කින් පමණ අවම කරගැනීමේ හැකියාව ඇතැයි මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි.

එහි සභාපති මංජුල කුලරත්න මහතා පැවසුවේ, ආරක්‍ෂිත ආසන බඳ පටි පැළඳීම මගින් සුරක්‍ෂිත රිය ධාවනයටත් මගී හා දේපල ආරක්‍ෂාවටත් මහත් පිටුවහලක් ලැබෙන බවයි.

පොදුවේ මහජනතාව ආරක්‍ෂිත ගමනාගමනයකට ක්‍රමිකව හුරු කරවීම මෙම වැඩසටහනේ අරමුණ බව ඔහු සඳහන් කළේ ය.

අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සැහැල්ලු වාහනවල පසුපස මගීන් ද ආසන පටි පැළඳීම ඊයේ (01) සිට අනිවාර්යය කළේ ය.

පසුගිය මස පළමුවැනිදා සිට සියලුම මාර්ගවල ගමන් ගන්නා බස්රථ රියැදුරන් ආසන පටි පැළඳීම අනිවාර්ය වන අතර එළැඹෙන සැප්තැම්බර් පළමුවැනිදා සිට අධීවේගී මාර්ගයේ ගමන් ගන්නා සියලුම වාහනවල සිටින සෑම මගියෙකුම ආසන බඳ පටි පැළඳීම අනිවාර්යයි.

COMMENTS