මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් ඉඩම් සිතියම් ගෙදරටම

ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ 225 වැනි සංවත්සරය වෙනුවෙන් අගෝස්තු 01 සිට ඔන්ලයින් හරහා ගෙවීම් සිදුකර ඉඩම් සිතියම් නිවසටම ගෙන්වා ගැනීමට අවස්ථාව හිමිවන බව මැනුම්පති වයි. ජී ඥාණතිලක මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
“මෙතෙක් මහජනතාව වෙත අපි සිතියම් නිකුත් කිරීම සිදු කළේ කාර්යාලය හරහා. නමුත් දැන් ඔන්ලයින් ක්‍රමය යටතේ සිතියම් ලබාගැනීමට මහජනතාවට අවස්ථාව ලබාදීමට අපි සැලසුම් කරලා තියෙනවා. ඒ අනුව ඔන්ලයින් ගෙවීම් කර තමන්ගේ නිවසටම අවශ්‍ය සිතියම් ලබා ගැනීමට හැකියාව තියෙනවා.”
ඒ වගේම මහජනතාවට ඉඩම් තොරතුරු පද්ධතියේ තිබෙන තොරතුරු ඔන්ලයින් දැකගැනීමට අවස්ථාවත් ලබාදීමට අපි කටයුතු කරනවා.”