වැඩිහිටි දීමනාව අද බැංකුවලට

වැඩිහිටි දීමනාව අද බැංකුවලට

ජූලි මාසය සඳහා වූ වැඩිහිටි දීමනාව අද (30) දිනයේ අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය දැනුම්දී තිබේ.

ඒ අනුව රු 3,003,840,000ක මුදලක් ප්‍රතිලාභීන් 600,768ක් අතරේ බෙදාහැරීමට නියමිතය.

අදාළ ප්‍රතිලාභීන්ට හෙට දින සිට තමාට හිමි මුදල අස්වැසුම ප්‍රතිලාභී ගිණුමෙන් ලබාගත හැකිය.