දළදා මාළිගාවේ ඇසල පෙරහැර මංගල්‍යෙය අදින් ඇරඹේ

මහනුවර ශ්‍රි දළදා මාළිගාවේ ඇසල පෙරහැර මංගල්‍යෙය් පළමු කුඹල් පෙරහැර අද(30) රාත්‍රි විදි සංචාරය කෙරේ.
පෙරහැර නැරඹිම සඳහා මහනුවරට පැමිණෙන සැදැවතුන් වෙනුවෙන් විශේෂ පහසුකම් සලසා තිබෙනවා.
ඇසල පෙරහැර මංගල්‍යය හේතුවෙන් අද සිට ලබන 9 වැනි දා දක්වා මහනුවර නගරයේ විශේෂ රථවාහන හා ආරක්ෂක වැඩපිලිවෙලක් ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේ ය.
ඒ සඳහා පොලිස් නිලධාරීන් 6000 ක් හා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් යොදවා ඇතැයි මහනුවර ජ්‍යේෂඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතා සඳහන් කළේ ය.