ඉන්දීය ගුවන් යානාවලට පාකිස්ථානය ගුවන් අවකාශය තවදුරටත් වසා දැමේ

ඉන්දීය ගුවන් යානා සඳහා සිය ගුවන් අවකාශය වසා දැමීම පාකිස්ථානය අගෝස්තු 24 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ.
ඒ, එය තවත් මාසයකින් දීර්ඝ කරමින් ය.
පාකිස්ථාන ගුවන්තොටුපළ අධිකාරිය පැවසුවේ , ඒ අනුව ඉන්දියානු ගුවන් සමාගම් විසින් ක්‍රියාත්මක කරන, හෝ බදු දී ඇති හමුදා සහ සිවිල් ගුවන් යානාවලට තම ගුවන් අවකාශය භාවිතා කිරීමට අවසර නොමැති බවයි.
ඉන්දීය ගුවන් යානා සඳහා පාකිස්ථාන ගුවන් අවකාශයට ඇතුළු වීම පළමු වරට තහනම් කලේ පසුගිය අප්‍රේල් 30 වැනිදායි.
ඒ ඉන්දියාවේ පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව, පාකිස්තානයට එරෙහිව ඉන්දීය රජය ගත් පියවරවල කොටසක් ලෙසයි.
අප්‍රේල් 22 වැනිදා එල්ල වූ එම ත්‍රස්ථ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 26 කි.