වැලිගම ප්‍රාදේශීය සභාවේ මාලිමා මන්ත්‍රීගේ නිවසට වෙඩි

වැලිගම ප්‍රාදේශීය සභාවේ මාලිමා මන්ත්‍රීගේ නිවසට වෙඩි

වැලිගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේග මන්ත්‍රී නීතිඥ තාරක නානායක්කාර මහතාගේ වැලිගම මාලිම්බඩ පිහිටි නිවස ඉල්ලක්ක කර අද අළුයම එල්ල
වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාර් එෆ් යූ වුට්ලර් මහතා සඳහන් කළේ, ඒ සඳහා කණ්ඩායම් තුනක් යොදවා ඇති බවයි

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර තිබේ.

පොලිසීය පැවසුවේ, එහිදී නිවසේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරින් ප්‍රති ප්‍රහාර එල්ල කර ඇති බවයි

ඉන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බව පොලිසිය සඳහන් කළේ ය.

COMMENTS